තම බරිඳට ඉන්සියුලින් අධි මාත්‍රාවක් ලබාදී ඝාතනය කිරිමට තැත්කළ වෛද්‍ය වෘත්තියේ යෙදෙන සැමියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කොළඹ 5 පදිංචි කාන්තාවක් සිහිසුන්ව අසාධ්‍ය තත්වයෙන් කලුබෝවිල රෝහලට ඇතුළත් කර තිබූ අතර ඇයගේ රෝගීවිම සැක සහිත බවට බම්බලපිටිය පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබි තිබුණ.
ඒ් ඔස්සේ කරන ලද විමර්ශනවලින් අනතුරුව මෙසේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවට ඉන්සියුලින් ඖෂධය අධි මාත්‍රාවක් ශරීරගතවීමට හේතුවෙන් ඇය අසනීප වී ඇති බව කාන්තාව පරීක්ෂා කළ වෛද්‍යවරුන් දැනුම් දී තිබේ. සැකකාර සැමියා ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දිනයේදි අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
රෝගී කාන්තාව කලුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.