බිරිඳගේ පොරෝ පහරින් තුවාල ලබා රෝහල් ගතව සිටි සැමියා මරුට
මහකළුගොල්ල පොලිස් වසමට අයත් 19 කණුව කරබගොඩයාය ප්රදේශයේදී 2025 සැප්තැම්බර් 21 වෙනි දින නින්දේ සිටි තම සැමියාගේ හිසට බිරිඳ විසින් පහරදී රෝහල් ගතව සිටි සැමියා (11) වෙනිදා රාත්රී අම්පාර මහ රෝහලේදී මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මහකළුගොල්ල කරබගොඩයාය 19 කණුව පදිංචි ආර්.එම් ගාමිණී පුෂ්ප කුමාර (43) නැමති සිව් දරු පියෙකි.
ස්වාමිපුරුෂයාගේ අනියම් සම්බන්ධතාවයක් නිසා සැමියා සහ බිරිඳ අතර නිතර ආරවුල් සිදුවී ඇත.
සැප්තැම්බර් 21 අළුයම් කාලයේ ඔහු ගොවිතැන් කටයුතු නිමකර නිවසට පැමිණ කාමරයේ නිදාගෙන සිටි අවස්ථාවේ බිරිඳ විසින් ඔහුගේ හිසට පොරවෙන් කොට තිබේ.
බරපතළ තුවාල ලැබූ සැමියා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.සැකකාර බිරිඳ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සියඹලාණ්ඩුව මහේස්ත්රාත් දිලූක රොෂාන් අනුරුද්ධ මහතාගේ නියෝගය මත මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය (12) වෙනිදා අම්පාර මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. මහකළුගොල්ල පොලිස් ස්ථානාධිපති බුද්ධික විදානගමගේ මහතා පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

