ඉපලෝගම, පොලිස් වසමේ, විජිතපුර ප්රදේශයේ දී ඊයේ (18දා) රාත්රී බිරිද විසින් පහර දී සිය සැමියා ඝාතනය කර ඇතිි බව ඉපලෝගම ෙපවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉපලෝගම විජිතපුර, පලුගස්වැව ප්රදේශයේ පදිංචි සිටි එච්.ජී. මහින්දසෝම නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.
ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඝාතනය සිදු කල බව කියන 47 හැවිරිදි මරණකරුගේ බිරිඳ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මරණකරු සහ සැකකාරිය අතර කලක පටන් නිතර නිතර ආරවුල් සිදු වන බවත්, පෙරේදා 18 දිනයේදී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු මෙලෙස බිරිද විසින් සැමියාට මුගුරකින් පහරදී ඝාතනය කර ඇති බව සිදු කල මූලික විමර්ශණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය කැකිරාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ඉපලෝගම පොලිසිය පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එච්. ආර්. යූ.එස්. හපුආරච්චි මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.