අනුරාධපුර ශ්‍රවස්තිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක් මත පිහිටි දේවාලයක් ඇතුලත අනවසරයෙන් කැනීම් කර නිදන් වස්තූන් ලබා ගැනීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින කොළඔ දිශාව බාර හිටපු නියෝජ්‍ය පොලිස්ති උදිත් ලියනගේ සහ ඔහුගේ බිරිය සහ කට්ටඩියෙකු ඇතුළු සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හරින ලෙස නීතිඥයින් කල ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහත යළි ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව සියළු සැකකරුවන් සැප්තැම්බර් මස 8 දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියේග කළේය.
මෙම නවඩුව යළි කැඳවූ අවස්ථාවේ සැකකාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ පමණක් හඳුනා ගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරනු ලැබීය. එහිදි නිදන් හෑරීමේ සිද්ධියේ වැටලීම් කටයුතු සඳහා සහභාගි වූ අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් සැකකාර නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ නිදන් හෑරූ ස්ථානයේ සිටි බවට පෙරෙට්ටුවේදී පහසුවෙන් හඳුනා ගැනීමට සමත් විය.
මෙම සිද්ධියේ සැකකරුවන් කැනීම් කර ඇති ස්ථානය පුරා විද්‍යා වටිනාකමක් ඇති පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්ද යන්න පරික්ෂා කර බලා ඊට අදාළ පුරා විද්‍යා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නියෝග කරනු ලැබීය.
උපාලි ආනන්ද