බිරිඳ ඝාතනය කර නැන්දණියට බරපතල තුවාල කර සැමියා දිවි නසා ගනියි
අද( 18) දහවල් සැමියා විසින් සිය බිරිඳට සහ නැන්දණියට තියුණු ආයුධකින් පහර දී සිය බිරිය ඝාතනය කර නැන්දණියට බරපතළ තුවාල සිදුකර සැකකාර සැමියා ද සිය දිවි නසා ගෙන ඇතැයි මොරගොඩ පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රෙද්ශයේදී මෙම සිදුවීම සිදුව තිබේ.
මෙම සිද්දියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වන්නම්මඩුව ලබුනෝරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි වියෙහි පසුවූ ලොකුබණ්ඩාගේ සුනෙත්‍රා කුමාරි නමැත්තියකු බව පොලිසිය කියයි.
බරපතළ තත්වයේ පසුවූ බිරිඳගේ මව අසල්වාසීන් එක්ව කඩිනමින් ප්‍රතිකාර සදහා පයිරිමඩුව රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබිණපසුව එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.
මෙලෙස ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සියදිවි හානිකරගෙන තිබුණේ වන්නම්මඩුව ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

