සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති සියලුම හෝටල්වල, ආගන්තුක නිවාසවල සහ නිවාස නවාතැන් පහසුකම් සපයන ස්ථාන වෙත බියර් සහ වයින් විකිණීමට රජය අවසර දීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි
මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එම පුවත්පතට පවසා තිබේ.
මෙතෙක් බියර් හෝ වයින් ලබාදීමට අවසරයක් නොතිබූ අඩු වියදම් ආගන්තුක නිවාසවල නවාතැන් ගෙන සිටින සංචාරකයින්ට මෘදු මත්පැන් අලෙවි කිරීමට මෙම යෝජනාව මඟින් හැකියාව ලැබෙන බව ඔහු පැවසීය.
දේශීය හා විදේශීය සංචාරකයින් වෙරළ, උද්‍යාන වැනි පොදු ස්ථානවල පරිභෝජනය කිරීම සහ නීතිවිරෝධී මත්පැන් පානය කිරීම මෙමගින් වළක්වන බව ඔහු පැවසීය.
"මෙම යෝජනාව සංචාරකයින්ට වඩා හොඳ සේවාවක් සපයනු ඇත," ඔහු පැවසීය.