බැඳීම් බිඳ දැමීමට කරන උත්සාහයන් තුළින් තවදුරටත් බැඳීම් ශක්තිමත් වන බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
එම සටහනේ වැඩිදුරටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස සඳහන් කර ඇත.

“ජීවිතයෙන් බොහෝ කාලයක් ජනතාව අතර ගතකළ මට ජනතාවගේ ආදරය හුරුපුරුදුය. විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන කරුණු මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණු වලින් තොර වූවකි. එමනිසා, එහි වටිනාකම අන් කිසිදාටත් වඩා වැඩිය. මෙය දේශපාලනික සම්බන්ධතාවයක් පමණක් නොවූ හෘදයාංගම බැඳීමක් නිසාම බිඳ හෙලීමට ද අපහසු බව කිව යුතුමය. බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැක. ජන නායකයෙකු ලෙස ලැබිය හැකි උපරිම සතුට, ජනතාව සමඟ ගෙවන මෙම කාලය පුරාවටම මම අත්විඳිමි. සැමට ගෞරවනීය ස්තුතිය පුද කරමි.”