කිකිළියෙක් හෝ නොමැතිව සුලු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන් යැයි කියාගන්නා ඊනියා සංවිධානයක නිළධාරීන් ලෙසින් පෙනීසිටි සහෝදරයන් දෙදෙනෙකු රුපියල් 18 කට බිත්තර මිළ තීරණය කර පුවතක් මැවීම හේතුවෙන් මහා පරිමාණ ගොවීන් පමණක් නොව කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් දැඩිලෙස අසරණ වී ඇති බවත් එම සහෝදරයින්ට බිත්තර මිළ තීරණය කිරීමට අවසර ලැබුණේ කෙසේදැහි හා තවත් කාරණා රැසක් වෙනුවෙන් හෙට්ටිපොල පොලිසියට පැමිණිල්ලක් කළ බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිළධාරීන් පවසති.
හෙට්ටිපොල පොලිසියට පැමිණිල්ලක් කිරීමට පැමිණ පිටව යන අවස්ථාවේදී ඊයේ (12) මාධ්‍යට විශේෂ ප්‍රකාෂයක් සිදුකරමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක, ලේකම් රත්නසිරි අලහකෝන්, භාණ්ඩාගාරික විජය අල්විස්, සමස්තලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති වික්ටර් පෙරේරා, එහි ලේකම් අනුරසිරි මාරසිංහ යන මහත්වරුන් එසේ පැවසීය.
"අද බිත්තරයක් නිෂ්පාදනය කරන්නට රුපියල් 28ක් 30ක් වැයවෙනවා. අපි එහම තත්වයක බිත්තර මිල අඩුවෙන් දෙන්නෙ බිත්තර අතිරික්තයක් රටතුළ නිර්මාණය වෙලා නිසා. පුන පුනා රජයට අපි කිව්වෙ මවු සතුන් අඩුකරන්න කියන එක. රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා අද බිත්තර නිෂ්පාදනය වෙන්න මවු සත්තු වැඩිවීමත් හේතුවක්.
ග්‍රාමීය කර්මාන්තයක් ලෙස දියුණු වෙලා රැකී රක්ෂා ලක්ෂ ගණනින් ලබාදී රජයටත් රටටත් බර නැති පිරිසක් ලෙස අපි මේ කර්මාන්තය කරගන ඇවිත් තියෙන්නෙ ඉතාම අසීරුවෙන්. මේ කර්මාන්තය හරහා ලක්ෂ 10කට වඩා වැඩි පිරිසක් ජීවත් වෙනවා. ලංකාවෙ අඩුම මිලට ප්‍රෝටීන් පොෂ්‍යදායී ආහාරයක් වෙච්ච බිත්තරයෙන් ස්වයංපෝෂිත කළේ මේ ගොවීන්.
ඉන්දියාවෙන් බිත්තර ගේන මට්ටමකට පත්කරන්නද දන්නෙ නැහැ මේ හඬපට නිකුත් කරන පිරිසට අවශ්‍ය වෙලා තියෙන්නෙ. මේ ප්‍රකාශ සිදුකළ අයියා මලෝ දෙදෙනාට බිත්තර තියා කිකිළියෙක්වත් නැහැ. අඩු ගානෙ කුඩා ගොවීන් 5 දෙනෙක් එක්ක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වගන්න හැකියාවක් නැහැ.
අපි කියන්නෙ 18ට බිත්තර ඕන අය හෙට්ටිපොල ප්‍රදේශයේ ඉන්න ඒ අයියා මලෝ දෙන්නගෙන් ඉල්ලගන්න. අපිටනම් එහෙම බිත්තර දෙන්න හැකියාවක් නැහැ. රටේ වැදගත්ම කර්මාන්තයක් කඩා වැට්ටීමට කාගේ හෝ වෙළඳ මාෆියාවක බලල් අතක් ක්‍රියාත්මක වෙනවාද කියලත් අපිට සැකයක් පවතිනවා.
කිසිදු ආකාරයකින් මේ කියන අයව විශ්වාස කරන්න එපා මේ හදන්නෙ වෙනමම න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරවන්න. රජයෙන් හෝ ඒ ප්‍රකාශය කරන කෙනා හෝ නොමිළයේ සත්ව ආහාර ලබාදෙනවා නම් ඒ කියන මිලට දෙන්න පුලුවන් වේවි. එකපාරටම මාධ්‍ය කැඳවීම් කරලා මාධ්‍ය හමු තියලා වගකීමක් නැති අයට රටට වගකියන ජනතාවගේ සංඛ්‍යාත වලට වගකියන මාධ්‍යට එසේ ප්‍රකාශ කළ හැකිද යන ප්රශ්නය අපි හමුවේ පවතිනවා" යැයි පැවසීය.
පොලිසියේ කරන ලද පැමිණිල්ල අනුව එම ප්‍රකාශය නිකුත්කර රටේ ආන්දෝලනයක් ඇතිකළ බව කියන අයට පොලිසියෙන් වහාම කැඳවීමක් කළ බවද එම අවස්ථාවට පැමිණ සිටි සියයකට අධික පිරිස පැවසීය.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
