සුදු බිත්තරයක් සඳහා රුපියල් 42ක මිලකුත් රතු බිත්තරයක් සඳහා රුපියල් 44ක මිලකුත් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෙන ඇති තීරණයට එකඟ නොවන බව බිත්තර නිෂ්පාදකයන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
බිත්තර සඳහා රජය නියම කරන මිල දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දුන් නියෝගය අනුව නීතපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට මෙම මිල ගණන් දැනුම් දුන්නේය.
කේසේ වෙතත් එම මිලට එකඟ විය නොහැකි බව බිත්තර නිෂ්පාදන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුහේරද සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.