බිත්තර මිලත් ඉහළට?
බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල නොසිතූ ලෙස ඉහළයාම නිසා කනගාටුවෙන් වුවද බිත්තර මිල සුළු ප්‍රමාණයකින් හෝ ඉහළ දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් රත්නායක මහතා,
&අපි සත්ත්ව ආහාර සඳහා 45%ක් යොදන බඩඉරිඟුවල මිල රුපියල් සියයක් දක්වා ඉහළ ගිහින්. පොඩි ගොවියාට කොහොමවත් හොයාගන්න බඩඉරිඟු නැහැ. ඒ වගේමයි 20%ක් පමණ භාවිත කරන සෝයා අද වෙනකොට රුපියල් සියයකින් පමණ ගණන් ගිහින්. අද සෝයා කිලෝවක් රුපියල් එකසිය අසූව පැනලා. ඩී.සී.පී. රුපියල් 85 සිට 250ක් දක්වා මිල ගිහින්.
අපි ගන්න අමුද්‍රව්‍ය 60%කට වඩා ආනයනය කරන දේවල්. එම සියලුම අමුද්‍රව්‍ය මිල සියයට සියයකින් ගණන් ගිහින්. ලංකාවෙන් ගන්න රයිස්පොලිශ් ආදියත් ගණන් ගිහින්. බිත්තර මිල පහළ යවන්න නම් මූලිකව බඩඉරිඟු ටිකත් කඩිනමින් ගෙන්නලා දෙන්න කියලා අපි ඉල්ලන්නෙ.
බිත්තරයක් නිෂ්පාදනය කරන්න විතරක් රුපියල් 18ක් පමණ වැයවෙනවා. එච්චර පීඩනයක් දරාගෙන අපි පාරිභෝගිකයාගේ අතට රුපියල් 21ක් 22ක් වගේ වෙද්දි බිත්තරයක් යවනවා. හැබැයි මේ බිත්තර මිල තව ඉදිරියට යන එක නවත්වන්න බැරිවෙයි. සතිපතා ශත පනහකින් හෝ බිත්තරයක නිෂ්පාදන පිරිවැය වැඩිවෙලා.
රටේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 80ක් පමණ. ඒකෙන් ලක්ෂ 65ක් පමණ නිපදවන්නෙ වයඹෙ අපි. ඒ හරහා අපේ ගොවියෝ රැකියා අවස්ථා ලක්ෂ 04ක් පමණ උත්පාදනය කර දී තියෙනවා. මේ කර්මාන්තය වැටුණොත් වයඹට ඒක බලපානවා.
බිත්තරයක් නිෂ්පාදනය කරන්නෙ ලොකු පිරිවැයක් දරලා. ගොවියො තම ගොවිපළවල් ඉදිකරන්න විශාල මුදලක් යොදවලා නිසා කරන්න දෙයක් නැතිව විවිධ බාධක මැද කරගෙන ගියාට මේ වනවිටත් සියයට 20කට වඩා ගොවියො මේ කර්මාන්තය අත ඇරලා තියෙන්නෙ ඉඩම් පවා විකුණා දමමින්.
බැංකු පවා අපේ බිත්තර නිෂ්පාදකයාව විශ්වාස කළා. ණය දුන්නා. නමුත් අද හොයලා බලන්න අපේ ගොවියො කෝටි 15කට වැඩියෙන් අද ණයයි.
ඉතින් අපි ඉල්ලන්නෙ විශාල ග්‍රාමීය කර්මාන්තයක් ගිලිහිලා යනඑක මේ වනවිට නවතාලන්නට හැකියාව තියෙන්නෙ ජනපතිතුමාටයි අගමැතිතුමාටයි. අපි බැගෑපත්ව ඉල්ලනවා නිෂ්පාදන වියදම අවම කරගන්න අපිට උදව් කරන්න කියලා* යනුවෙන් පැවසීය.
popular news
-
janahitha Wednesday, 20 October 2021 04:55 AM
gavayanta biththra damanna kiyanna barida dan mas kirima navathvala nova
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

