බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
එසේම බිත්තර සඳහා වන උපරිම මිලක් අද (14) දිනය තුළ නියම කරන ලෙසටද අභියාචනාධිකරණය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කළේය.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම යළි සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය ලබාදුන්නේය. පෙත්සම යළි හෙට (15) දින කැඳවීමට නියමිතය.