බිත්තර මිල ඉහළ යාමට රජය වගකිව යුතුයි
බිත්තර මිල ඉහළ යාම සම්බන්ධව මේ රජය හා දෙපාර්තමේන්තුව සෘජුව වගකිවයුතු යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.සංශෝධිත බිත්තර මිල ප්‍රකාශයට පත්කරමින් මාධ්‍ය හමුවේ ඒ මහතා ඒ බව පැවසීය.
"ඉරිඟු කියන්නේ මේ ක්ෂේත්රයේ අත්‍යාවශ්‍ය සාධකයක්. අද වන විට ඉරිඟු ආනයනය මුළුමනින්ම නවතා දමා තිබෙනවා. දේශීය ඉරිඟු නිෂ්පාදනය බිත්තර නිෂ්පාදනයට තරම් නොවේ. සහල් මේ සඳහා භාවිතා කරන්න කියලා රජයෙන් නිවේදන නිකුත් කලත් එය කළ හැක්කක් නෙවෙයි.
ඉරිඟු වලට මොනයම් හෝ ආදේශකයක් භාවිතා කිරීම සතාගේ සෞඛ්‍ය සම්පන්න භාවයට ගැටලුවක්. සහල් ආදී විවිධ ආදේශක භාවිතා කිරීමෙන් සතුන්ට සෙම හා උදරයේ ආසාදන නිරන්තරයෙන් ඇතිවීමත් ඒ හරහා සියයට විස්සකින් තිහකින් බිත්තර නිෂ්පාදනය අවම වීම මේ වන විට ගොවීන් දැඩි සේවයක් මුහුණපා ඇති ගැටලුවක්. එමෙන්ම විවිධ වූ කූට වෙළදුන් සත්ව ආහාර නිෂ්පාදන රසායනික ද්‍රව්‍යවලට හාරසායනික ද්‍රව්‍යවලට හා ඖෂධ වලට ඩොලර් මයිට් ආදිය කලවම් කිරීම මගින් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. එය ගොවියාට දරාගත හැකි පාඩුවක් නෙවෙයි. කෙසේ හෝ සත්ත්ව ආහාරවලින් ගුණාත්මක භාවය ගිලිහී යාම නිසා වෙනදා මෙන් නොව දෛනික විතර නිෂ්පාදනය. දැවැන්ත ලෙස පහත බැස තිබෙනවා.
මෙය දෙපාර්තමේන්තුව හොඳින්ම දන්නා කරුණක් වුවත්. ඒ වෙනුවෙන් කිසිදු වැඩ පිළිවෙළක් සකස් කරන බවක් පේන්නනැහැ. අපි වෙළඳ ඇමතිතුමා කෘෂිකර්ම ඇමතිතුමා සහ ජනාධිපතිතුමා එක්ක මේ පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලනවා. ඒ සාකච්ඡාවට අවශ්‍ය සියලු කරුණු අපි සතුව තියෙනවා. කිසිම විදිහකට සාකච්ඡාවකින් තොරව නිලධාරීන් ඉරිඟු වෙනුවට සහල් පාවිච්චි කරන්න වැනි ප්‍රකාශ කිරීමෙන් මේ කර්මාන්තය රැක ගන්නට හැකියාවක් නෑ.
බිත්තර කර්මාන්තය කියන්නේ ඉල්ලුමට සැපයුම තියෙන භාණ්ඩයක් වගේම අවම මිලකට මන්ද පෝෂණය දුරු කර ගැනීම සඳහා එක ඒකකයක් මිලදී ගතහැකි ප්‍රෝටින් බහුල ආහාරයක්. රට මන්දපෝෂණයෙන් තුරන් කිරීමට බිත්තර ගොවියා දක්වන්නේ ඉතා විශාල කාර්යභාරයක්. එම නිසා අතිගරු ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමතිතුමා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිතුමා වෙළඳ ඇමතිතුමා ආදී කොටගත් බලධාරීන් එක්ක අපි සාකච්ඡාවක් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් අද පවතින තත්ත්වය උද්ගත වන්නට බිමේ ගොවියාගේ ්ගැටලු දෙපාර්තමේන්තුව හරහා හෝ වෙනත් කුමන කණ්ඩායමක් මගින් හෝ බලධාරීන් මගින් දේශපාලන නායකත්වයට සන්නිවේදනය නොවීම නිසා ගැටලු ඇතිවී ඇති බව නම් කිව හැකියි.
බිත්තර මිල තීරණය කරන සෑම අවස්ථාවකම අපි මුලින්ම බිත්තර නිෂ්පාදකයා ගැන සිතනවා. ඒ එක්කම වෙළඳුන් ගැනත් සිතන්නට අවශ්‍යයි. අපි නිෂ්පාදනය කරන බිත්තරයක් පරිභෝජනය කරන්නට පිරිසක් නොහිටියොත් යන ගැටලුව අපි හොඳින් අවබෝධ කරගෙන ඇති බව කිව යුතුයි. මෙවර අපි තීරණය කළ මිලට එහා මිලක් නියම කළ යුතුව තිබුණත් අන්න ඒ කියන සාධකය නිසා පාරිභෝගිකයාට ඉතා පහසුවෙන් මිලදී ගැනීමට හැකිවන පරිද්දෙන් මිල ගණන් තීරණය කලා" යැයි ඒ් මහතා පැවසීය.
කුලියාපිටිය ජිනේෂ් උපේන්ද්‍ර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
