බිත්තරයක් විකිණීම සදහා රජය පාලන මිලක් පනවා තිබෙන අවස්ථාවේ ජා-ඇල ප්‍රදේශයේ ඇතැම් වෙළද ආයතන බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීමට පියවර ගෙන ඇත.
ජා-ඇල හා තදාසන්න ප්‍රදේශ වල බිත්තර පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි කෙරෙන බවත් ඇතැම් වෙළද සල් වලින් බිත්තර ලබාගත හැක්කේ වෙළද සල් හිමිකරු හා පාරිභෝගිකයා අතර හැදුනුම්කමක් තිබෙන්නේ නම් පමණක් බවත් ජා-ඇල බදු ගෙවන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද කළුදේව මහතා ප්‍රකාශ කළේය.
බිත්තරයක් අලවි කල හැකි පාලන මිල ඉක්මවා බිත්තර අලෙවිකරණ වෙළදුන් සෝයා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීම් කරන තත්වයක් තුළ ඔවුන්ගෙන් බේරිම සදහා මෙලෙස හැදුනුම්කම් වලට පමණක් බිත්තර අලෙවි කිරීමට ඇතැම් වෙළද ව්‍යාපාරිකයින් පෙලබී සිටින බව සොයා බැලීමේදී අනාවරණය විය.
මෙහිදී ඇතැම් වෙළද සල් හිමිකරුවන් ප්‍රකාශ කර සිටියේ තමන්ට තොග වශයෙන් භෝ පාලන මිලට වඩා අඩුවෙන් බිත්තර ලබා ගත නොහැකි බවයි. තවද රජයේ පාලන මිලටත් වඩා අඩු මිලකට බිත්තර අලෙවි කරන වෙළදුන් ද අපට නිරීක්ෂණය විය. මේ අතර බිත්තර කිලෝ ගණනට අලෙවි කරන වෙළද ආයතන තිබීම ද විශේෂත්වයක් විය.
ප්‍රසංග පෙරේරා