ලග්ගල පොලිස් වසමේ තෝරපිටිය හන්දිය ආසන්නයේ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු වැටී සිටින බවට ලග්ගල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා දාස්ගිරිය රෝහලට ඇතුලත් කිරීමට කටයතු කර ඇති අතර ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බවට වෛද්‍යවරුන් විසින් දන්වා ඇත.මරණකරු අවුරුදු 78 ක් වූ ගම්මාන 01, මා ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා ඔහුගේ බෑනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා ලග්ගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.