බැසිල්ට වෙන ඇමතිකමක් දෙන්න - මුරුත්තෙට්ටුවේ හිමි
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෙනත් ඇමතිධුරයක් ලබාදෙන ලෙසත් ලබන 31 දා මහා සංඝරත්නය අභයාරාමයට එක්වී ඉදිරි පියවර පිළිබඳව තීන්දුවක් ගන්නා බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ ප්‍රකාශ කරති.
“කිසා ගෝතමීට නොමළ ගෙයකින් අබ ඇටයක් ගේන්න කිව්වා වගේ මමත් මේ ආණ්ඩුවට කියනවා කලකිරිච්ච නැති ගෙදරකින් පුළුවන්නම් වතුර වීදුරුවක් ගේන්න කියලා. මේ ආණ්ඩුව මේ රටේ අහින්සක දුප්පත් ජනතාවට මේ වගේ වේදනා දෙන්න සූදානම් නම් අපටත් සිදුවෙනවා අර වගේම නැවතත් පා ගමන් ගිහිල්ලා මේ ආණ්ඩුව වහාම යවමු තැනට ගන්න සිද්ධවෙන එකනම් අකමැත්තෙන් හරි කියන්න සිදුවෙලා තියෙනවා.
මහින්ද අගමැතිතුමනි අපි ඉතාමත් කරුණාවෙන් ඔබතුමාට කියනවා මේ ආණ්ඩුවේ කළමනාකාරිත්වය හා අධීක්ෂණය නැවතවරක් භාර ගන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිකම කරයි. බැසිල් රාජපක්ෂ මුදල් අමතිතුමා වෙන සංවර්ධන ඇමතිධුරයක් එතුමට භාර දෙන්න.මේ 31 දා මහා සඟරුවන අභයාරාමයට එකතුවෙලා අපි තීන්දුවක් ගන්නවා. ඉදිරි පියවර මොකක්ද කියන එක ගැන”
popular news
-
sg Saturday, 26 March 2022 06:28 PM
This rev, don't know how to start this economic decline and under which leadership...better thing is to let them do politics and governance and your parties try to the emancipation of the people from sinful corrupted actions.
Reply : 0 1
Deepal Nirosh Saturday, 26 March 2022 11:41 PM
අතිගරු ඔබ වහන්සේ 100%ක් නිවැරදියි. රටේ මූල්‍ය කළමණාකරණ ආයතනය වන පාර්ලිමේන්තුවට නො එන, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු නො බඳින, මුදල් අමාත්‍යවරයෙක් අපට අද සිටීම රටේ ව්‍යාකූල තත්ත්වයට වර්තමාන හේතුවයි. මෙතැනින් නො නැවතී අතිගරු මහ සඟරුවන සමඟ ජනතාව වෙනුවෙන් තව ඉදිරියට යන ලෙස ගෞරවනීයව අයැද සිටිනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

