සංචාරක ප්රවර්ධන කාර්යාංශයට 2014 වර්ෂයේදී යොමු කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය මගින් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂමහතාට ඒරෙහි නඩුවක් අද දිනයේදි කොටුව මහේස්ත්රාත් අධිකරණයේදි විභාගයට ගැණින.
මෙම නඩුවට අදාළව අද දිනයේදි අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.
ජාත්යන්තර පොලීසිය හරහා රතු නිවේදනයන් ලබාගැනීමට අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙසද මහෙස්ත්රාත්වරයා මෙහිදී නියෝග කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට විදෙස් ගතව (ඇමෙරිකාවේ) සිටියි.