රාජපක්ෂවරුන්ගේ ආධිපත්‍ය ජන බලයෙන් සහ ජන සවියෙන් පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මැද කොළඹ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"මුළු රටම දැවැන්ත ව්‍යාකූලත්වයකට පත් වෙලා තිබෙනවා. රට බංකොලොත්. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. මේ තත්ත්වය නිර්මාණය වුණේ රාජපක්ෂ සාපය නිසා. මේකට හේතුව රාජපක්ෂලා කරපු විනාශය. මේකට හේතුව රාජපක්ෂලා ජාති වශයෙන්, ආගම් වශයෙන්, කුලමල භේද, පන්ති භේද මේ රටේ ඇති කරලා රට කෑලි කෑවලට කඩලා ජාතීන්, ආගම් අතර වෛරය පතුරවලා රාජපක්ෂ පවුල රජ වෙන තත්ත්වය නිසා තමයි තනි පුද්ගල ආණ්ඩුවක් තුළ, අදූරදර්ශී ආණ්ඩුවක් තුළ ගත්ත තීන්දු තීරණවල ඵල විපාක තමයි රටේ ජීවත් වන මිලියන 22ක අද අත් විඳින්නේ.
දැන් මොල හතානෝ එනවලු ලංකාවට. බොහොම හොඳයි. එයාගේ ද්විත්ව පුරවැසිභාවයත් ඉවත් කර ගන්නවා කියලා ආරංචියකුත් තියෙනවා. මම තව එකක් කියන්න කැමතියි මොල හතානෝට. පුළුවන් නම් ඇවිත් කොළඹින් ඡන්දේ ඉල්ලන්න. පියවරෙන් පියවර, අදියරෙන් අදියර මේ රාජපක්ෂ ආධිපත්‍ය අපි ජන බලයෙන්, ජන සවියෙන් ඔබගේ ආශීර්වාදයෙන් ඉවත් කරනවා.
ඒ නිසා මම ජනාධිපතිතුමාට කියන්න කැමතියි, හොඳට අවබෝධ කර ගන්න 22වැනි සංශෝධනය සම්මත වුණේ රාජපක්ෂලා නිසා නෙවෙයි. සමගි ජන බලවේගය නිසා. අපි 22ට සහයෝගය ලබා දුන්නේ 20ට වඩා පොඩ්ඩක් හොඳ නිසා. නමුත් අපි කියනවා 22 නෙවෙයි අවසානය. අපට තිබෙනවා ප්‍රතිසංස්කරණ රැසක් කරන්න."