බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවට යන තෙක් තම සටන අවසන් නොකරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවැසීය. අද (14දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මම බලශක්ති ඇමතිධුරය දරණ කාලයේදී ජනපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ අවසරය මත ඩීසල් මිල රුපියල් 7කින් ඉහළ දැම්මාම මට වහාම ඉල්ලා අස්වෙන්නැයි පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් දැනුම් දුන්නානම්.
රුපියල් 55කින් වැඩි කරද්දී එතුමා ජීවතුන් අතර හිටියනම් මොන ජංජාලයක් නටයිද කියලා හිතා ගන්න බෑ.
ආණ්ඩුව ඉන්ධන මත අයකරන බදුවලින් එක දවසකට රුපියල් මිලියන 750ක් පමණ උපයනවා.
ඩීසල් හිඟයක් ඇතිවුණේ කලින් දැනුම් දුන් නිසා කියලා මට චෝදනා කරනවානම් බෙහෙත් හිඟයක් ඇති වුණේ කොහොමද? ගෑස් හිඟයක් ඇති වුණේ කොහොමද? තිරිඟු පිටි හිඟයක් ඇති වුණේ කොහොමද?
සියල්ලමට හේතුව එක එකක් පමණයි. ඒ තමයි ඩොලර් හිඟය. ඩොලර් හිඟය ඇතිවුණේ සීමිත විදේශ විනිමය නිසි පරිදි කළමනාකරණය කිරීමට මුදල් ඇමති අසමත් වුණ නිසයි.
බැසිල්ගේ බැරිකම සඟවා ගන්න අපිට චෝදනා නගන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. අපිව ඉවත් කරලා වේගයෙන් අපි කිව්ව දේවල් කරගෙන යනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න, රුපියල අවප්‍රමාණය කරන්න, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමා කරන්න පැනඩෝල් පෙත්තෙන් සුව කරන්න තිබුණ අමාරුව මරණාසන්න වුණාට පස්සේ පැනඩොල් දීමෙන් වැඩක් නෑ.
නඩු දමාවි, හිරෙත් දමාවි සමහර විට මරලත් දමාවි අපිව මරා දැමුවත් සටන නවතින්නේ බැසිල් රාජපක්ෂ කියන අවලස්සන ඇමෙරිකානුවා යළි ඇමෙරිකාවට යන තුරුම අපේ සටන නවත්වන්නේ නෑ. යන්නේ නැත්නම් අපි එළවනවා”