බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයකු බැලන්සයෙ සවිකර තිබු ස්ප්‍රිනයක් පැන එය ගෙලට වැදි කැපි යාමේන් දරුණු තුවාල සිදුවිමේන් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම අනුරාධපුර මාර්ගයෙ පදිංචි ක්‍රීෂාන්තන් මෝසස් නැමති 33 හැවිරිදි අවිවාහක තරුණයකු බව කියයි.
මරණයට පත් තරුණයා කිසියම් රෝගී තත්වයකින් පෙළි සිට ඇති බවත් ඒ සදහා ප්‍රතිකාර ලබමින් සිටි බවද කියයි.
පියා විසින් තම පුතු බාල සොහොයුරාගේ නිවසේ ( බාප්පාගේ) රදවා ගිය මෙම තරුණයා දිය නෑමට සදහා සැරසි ඉන් පසුව බර කිරීමට යොදා ගන්නා කුඩා බලන්සයක් දැතින් වෙර යොදා අදිමින් ව්‍යායාම කර ඇති බවත් එහිදි එකවර මෙම බලන්සයෙ ස්ප්‍රින් එක පැන තරුණයාගෙ ගෙලෙහි වැදි කැපි බිම වැටි සිටියදී ඥාතින් දැක ඇති බව කියයි.
පසුව ඥාතින් විසින් කඩිනමින් මෙම තරුණයා පුත්තලම රෝහලට ඇතුලත් කර තිබුනද ඒ වන විටත් මරණයට පත්ව සිටි බව පුත්තලම මූලික රෝහල් බළධාරියකු පැවසිය.
පසුව මෙම තරුණයාගෙ මරණය සිදුවු බව කියන ස්ථානය පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා විසින් මහෙස්ත්‍රාත් පරික්ෂණය පවත්වා තිබුනී.
