වහල මත සවිකරණ සූර්ය බලශක්ති ප්‍රභවයන් ස්ථාපති කිරීමේදී ඒකාබද්ධ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා කාල පාදක ගාස්තු යෝනජ ක්‍රමයක් රජය හඳුන්වාදී තිබේ.
මෙම මුලපිරීම අනුව සූර්ය බලශක්ති නිෂ්පාදකයින් බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීමට දිරිමත් කරන අතර එමඟින් දිවා කාලයේ ජනනය වන අතිරික්ත විදුලිය ගබඩා කර සවස් කාලයේ උපරිම වේලාවන්හිදී ජාතික ජාලයට මුදා හැරීමට ඔවුන්ට ඉඩ සලසයි.
එහිදී සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා මෙම ප්‍රවේශය ජාලක ස්ථායිතාව වැඩි දියුණු කරනවා පමණක් නොව, මිල අධික පොසිල ඉන්ධන මත පදනම් වූ විදුලිබල උත්පාදනය මත රට යැපීම සැලකිය යුතු ලෙස අඩු කරනු ඇත.
මෙසේ බැටරි බලශක්ති ගබඩා පද්ධති සහිත සූර්ය බල විදුලි ඒකකයක් සඳහා රුපියල් 45.8ක් තරම් වූ වැඩි මිලක් ගෙවන බව බලශක්ති අමාත්‍යාංශය කියයි.
නව ගාස්තු යාන්ත්‍රණය පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත්, ශ්‍රී ලංකාවේ වඩාත් ඔරොත්තු දෙන සහ තිරසාර බලශක්ති අංශයකට මග පාදන බවත් විදුලි බල මණ්ඩලය පවසයි.