මිද්දෙනිය පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ 2026.08.19 දින අත්අඩංගුවට ගත් අවුරුදු 21 ක් වන මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු රැඳවුම් නියෝග මත මිද්දෙනිය පොලිස් ස්ථානයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන ලදී.
එහිදී සැකකරු 2026.08.12 දින මිද්දෙනිය පොලිස් වසමේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකරු 2026.08.23 දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2026.09.02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඉහත අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු 2026.08.23 දින තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන මිද්දෙනිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මෙසේ ඝාතනය කරන ලද්දේ සංවිධානාත්මක අපරාධකරුකේ වන බැකෝ සමන්ගේ මවයි.
සැකකරු අවුරුදු 24 ක් වන මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිද්දෙනිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.