බැංකු රු. කෝටි 10ක රන් වංචාවට බැංකු කළමනාකරුවෙක් හා කළමනාකාරියකත් අල්ලයි
පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේ කළමනාකරුවෙක් සහ කළමනාකාරිනියක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට එම වංචාව සම්බන්ධයෙන් එම බැංකුවේ සේවය කළ නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු සහ සැකකාරිනියන් උකස් පත්‍රිකාවල ව්‍යාජ අත්සන් යොදා රුපියල් 99,370,100/= ක මුදලක් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන තිබිණි.
2020/2023 වසර තුන තුළදී එම වංචාව සිදුකර ඇත. ඒ අනුව සැකකාර වයස 36 හැවිරිදි සහකාර නිලධාරීනිය බෙක්කේගම පුන්සරාවත්ත පාර නිවසේදීත් වයස 37/39 හැවිරිදි කනිෂ්ඨ විධායක නිලධාරිනියන් දෙදෙනා වාද්දූව දළදා වත්ත පාර හා පානදුර ශ්‍රී මහා විහාර පාර නිවාසවල දීත් , බණ්ඩාරගම කොළ මැදිරියේ පදිංචි 36 හැවිරිදි සැකකාර කළමනාකරු සහ පානදුර ගොරකපොල පදිංචි 40 හැවිරිදි සැකකාර කළමනාකාරිනිය කොටුව පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකරුවන් සහසැකකාරියන් පොදු දේපළ පනත යටතේඅධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ (1) පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

