නුවරඑලිය ප්‍රදේශයේ සංචාරකයක් සදහා පැමිණි අඹුසැමි යුවලක් නුවරඑලිය කලුකැලේ ප්‍රදේශයේ නවාතැන්පොලක කාමරයක් තුළ අද (27දා) දින අලුයම මියගොස් ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ කුරුණැගල ගොකරැල්ල නැකන්න ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ඒ.කේ.හේරත් (59) ,එම්.ඒ.එම්.එන්.මොලගොඩ (58) යන අයයි.
කුරුණැගල ගොකරැල්ල ප්‍රදේශයේ සිට නුවරඑලිය කලුකැලේ ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පොලට පැමිණි මිය ගිය අඹුසැම් යුවල පවුලේ සමාජිකයන් සමග පැමිණ (26) දින මධ්‍යම රාත්‍රිය තෙක් නවාතැන්පොලේ බාබකියු උදුනෙන් මස් පුළුස්සා අනුභව කිරිමෙන් අනතුරුව එම අඹුසැමි යුවල නුවරඑලිය ප්‍රදේශයේ පවතින අධික සිතල කාලගුණයත් සමග බාබකියු උදුන සිය කාමරය වෙත රැගෙන ගොස් තබා නින්දට ගොස් ඇත.
මිය ගිය අඹුසැමි යුවල (27) දින අලුයම අවදි නොවිම නිසා පවුලේ සාමජිකයන් විසින් ඔහුන් දෙදෙනා රැදි සිටි කාමරය විවෘත කර බලන අවස්තාවේ දෙදෙනාම මියගොස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.
බාබකියු උදුනේ පිටවන විස දුමාරය අග්‍රහණය විමෙන් දෙදෙනා මිය යන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය සැකකරයි.
මිය ගිය කාන්තාව කුරුණැගල රෝහලේ සේවය කරන හෙදියක් බවට තොරතුරු අනාවරණය වි ඇති බවත්, බාබකියු උදුන් කාමර වල තබා ගැනිමෙන් නුවරඑලිය ප්‍රදේශයේ මිට ප්‍රථම 06 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වි ඇති බවද පොලිසිය පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑලිය පොලිසිය පැවසිය.

