මෙරට ඉමහත් ආන්දොලනයකට තුඩු දුන් ඉකුත් 2019 වසරේ දී බ්රිතාන්යයන්යේ සිට මෙරටට ගෙන්වු කසල අඩංගු බහළුම් 242න් ඉතිරිව තිබූ අවසාන බහළුම් 45 නැවත 21දා බ්‍රිතාන්‍යයට ප්‍රතිඅපනයනය කල බව රේගු මාධ්‍ය ප්‍රකාශක සහකාර රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කලහ.
කොළඹ වරායේ CICT අංගනය වෙත පැමිණි Ever Geuisu නෞකාවෙන් මෙම බහළුම් තොගය 21දා රාත්‍රි 8.00 ට කොළඹ වරායෙන් නැවත බ්‍රිතාන්‍ය වෙත යැවීම ට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබිණි.
වසර 2019දී ශ්‍රි ලංකා රේගුවේ සමාජ ආරක්ෂණ අංශය ආරම්භ කල විමසීමකදී බ්‍රිතාන්‍ය සිට මෙරටට ආනයනය කල සායනික අපද්‍රව්‍ය, පාවිච්චි කරන ලද කුෂන් මෙට්ට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය, වර්ගීකරණය නොකළ අන්තරායකාරී අපද්‍රව්‍ය අඩංගු අඩි 40 බහළුම් 242 ක් සොයා ගනු ලැබීය.
ඉන් 112ක්ක් කොළඹ වරායේ තැන්පත් කර තිබූ අතර ඉතිරි බහළුම් 130 ක් ඒ වනවිටත් වරායෙන් නිශ්කාශනය කර කටුනායක පිහිටි (BOI) ආයතනක පරිශ්රයක තැන්පත් කර තිබියදී සොයාගනු ලැබිණි.රේගු විමර්ශන වලදී හෙලිවුයේ එම බහාලුම් ජාත්‍යන්තර බසල් සම්මුතියේ විධිවිධාන වලට පටහැනිව හා රේගු ආඥාපනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කර තිබූ බවයි.
මෙම බහළුම් සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කල අතර එම කසල අඩංගු බහළුම් 242ම නැවත බ්‍රිතාන්‍යය ට යැවීමට කටයුතු කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කරනු ලැබිණ. ඒ අනුව අවස්ථා කිහිපයකදීම එම කසල බහළුම් බ්‍රිතාන්‍යය වෙත නැවත යැව් අතර 21 දා ප්‍රතිඅපනයනය කරනු ලැබූයේ ඉතිරිව තිබු අවසාන බහළුම් තොගයයි.
මෙම නීති විරෝධී ක්‍රියාවට දායක වු පුද්ගලයින්ට හා ආයතන වලට එරෙහිව රේගු ආඥාපනතේ විධිවිධාන අනුව පියවර ගැනීමට ශ්‍රි ලංකා රේගුව කටයුතු කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කලහ.
ජා ඇල ප්‍රසංග පෙරේරා


