බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ (18දා) වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී විභාගයට ගත් බවත් එය නොවැම්බර් 19 දා තෙක් කල් තැබූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවයකදී බ්‍රිගේඩියර්වරයා අභිනයෙන් කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වෙයි.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලෙස, 1961 රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියනා සම්මුතියේ විධිවිධාන ප්‍රකාරව, රාජතාන්ත්‍රික මුක්තියට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා රජය අඛණ්ඩ ස්ථාවරයේ සිින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.