ඉදිරියේ දි ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුමක් ලෙස බස්නාහිර පළාතේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කිරිමට යයි. ඒ සදහා මාස තුනක ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කෙරේ.
මේ යටතේ බස්නාහිර පළාතේ ගෙවතු 34,000 ක් පළාත් සභාවට අයත් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් සියලු ඉඩම් හා පුරන් කුඹුරු අස්වැදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමක දී තීරණය කෙරිණි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දි මෙම රැස්වීම පැවැත්විණි.
බස්නාහිර පළාතේ ගෙවතු 34,000 ක් වගා කිරිමේ ව්‍යාපෘතිය සදහා බීජ හා පොහොර ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා මෙහි දි බළධාරින්ට උපදෙස් දුන්නේය. මෙම ගෙවතු වගා වැඩසටහන පළාත පුරා විසිරී සිටින කෘෂිකර්ම උපදේශකවරුන් මගින් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එක් කෘෂිකර්ම උපදේශකවරයෙකු යටතේ ගෙවතු 300 ක් වගා කෙරේ.
බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතන මගින් ද විශේෂ වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මෙහි දි තීරණය කෙරිණ. ඒ අනුව කෙටිකාලීන බෝග මෙම රාජ්‍ය ආයතන සතු ඉඩම්වල වගා කිරිමට නියමිතයි. පළාතේ සියලුම ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව ද මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පළාත් ග්‍රාම සංවර්ධන අංශය හා පළාත් ඉඩම් දෙපාර්තුමේන්තුව සතු රජයේ ඉඩම් හා ජනපද ආශ්‍රිතව ද මෙම වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මෙහි දි තීරණය කෙරිණි.