කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්රදේශයේ දී 24 දින උදෑසන පුද්ගලික බස් රථයක් සහ ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
යාපනයේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ආරච්චිකට්ටුව ප්රදේශයේ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයක් මෙසේ අනතුරුට ලක්ව තිබේ.
අනතුරින් තුවාල ලබා ඇති ත්රී රෝද රථයේ ගමන් ගත් ආරච්චිකට්ටුව ප්රදේශයේ පිරිසක් බව දැනට සිදුකරන ලද මූලික පරීක්ෂණවලදීවලදී අනාවරණය වී ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
මියගිය දෙදෙනෙකුගේ මළසිරුරු ගලේවෙල ප්රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙන අතර තුවාල ලැබූ කාන්තාවක් තවත් පිරිමි අයෙකු සහ වයස අවුරුදු 6 ක කුඩා පිරිමි දරුවෙකු ගලේවෙල රෝහලේන් දඹුල්ල රෝහලට මාරු කර ඒවා ඇති අතර ඉන් පිරිමි අයෙකුගේ තත්ත්වය ඉතාමත් බරපතල නිසාවෙන් මහනුවර ජාතික රෝහලට මාරු කර යැවු බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය.
තුවාල ලබා සිටින අයගෙන් ප්රකාශයක් හෝ කිසිවක් තොරතුරක් ලබා ගැනීමට නොහැකි තත්තවයේ පසු වීම නිසාවෙන් මියගිය පුද්ගලයන් හෝ තුවාල ලැබූ අය කුම්න කාරණයකට ගම්න් කළේ ද ඔවුන්ගේ නම් ගම් හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව පොලිසිය කියයි.
ත්රිරෝද රථ රියදුරු අපරික්ෂාකාරී ලෙස වැරදි දිසාවෙන් ධාවනය කොට තිබෙන බවත් ඇතැම් විට ත්රීරෝද රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි ගලේවෙල පොලිසිය සැක පළ කරයි.
පෞද්ගලික මගී බස් රථයේ රියදුරු නිසි පැත්තෙන් ධාවනය කර තිබෙන බවත් ත්රිරෝද රථය මුහුනට ධාවනය වනවාත් සමග බස් රථයේ තිරිංග තද කර ගෙන අනතුර නවතා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවද ත්රිරෝද රථය පල්ලමේ ඉතා වේගයෙන් ධාවනය වී ඇතැයි බස් රථයේ රියැදුරු පොලිසියට දැනුම් දී තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු බවත් ගලේවෙල පොලිසිය කියයි.
