ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයකින් ඇද වැටි පාසල් සිසුවෙකු (15) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි නාවලපිටිය උඩහින්තැන්න ප්‍රදේශයේ පදිංචි හසිත දේවින්ද්‍ර (15) හැවිරදි පාසල් සිසුවෙකි.
ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා (15) දින පස්වරුවේ නාවලපිටිය නගරයේ උපකාර පන්තියකට සහභාගි වි ආපසු නිවස කරා ලංගම බස් රථයකින් ගමන් කරමින් සිටියදි නිවස ආසන්නයේදි බස් රථයෙන් බැසිමට උත්සහ කිරිමේදි බස් රථයෙන් ඇද වැටි ප්‍රධාන මාර්ගය අභියස පිහිටි පස් කන්දක ගැටි බරපතල ලෙස තුවාල ලබා එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන කුරුදුවත්ත පොලිසිය කියා සිටියහ.
බස් රථය නතර කිරිමට ප්‍රථම පාසල් සිසුවා බස් රථයේ ඉදිරිපස පාපුවරුවෙන් බැසිමට උත්සහ කිරිමේදි බස් රථයෙන් ඇද වැටි ඇති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියේය.