පොළොන්නරුව සිංහපුර අලිවංගුව ප්රදේශයේ අද (10දා) උදෑසන බස්රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් 8 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
උදෑසන හතයි තිහට පමණ මෙම අනතුර සිදුව සිදුව ඇති අතර එම බස් රථය අපරීක්ෂාකාරී සහ අන්තරාදායක ලෙස ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කළේය.
පොලොන්නරුවේ සිට ලංකාපුර ප්රදේශයේ ඇඟලූම් කම්හලක සේවය කරන ඇඟලුම් සේවිකාවන් ප්රවාහනය කරන ලද පෞද්ගලික බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවත් එම බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ විසි තුන්දෙනෙකු බස් රථය ගමන් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොළොන්නරුව bop 316 ප්රදේශය හරහා ගලා බසින එකේ ඇල ආසන්නයට මෙම බස් රථය පෙරළී ගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලොන්නරුව පොලිසිය රථවාහන අංශය මෙහෙයවනු ලබයි.