බස් රථ නැවතුම් ස්ථානවල වෙනත් වාහන නවතා තබන රියදුරන් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කියයි.
මගි ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුන්ට බස් රථවලට නැගීමට හා බැසීමට හැකියාව ලැබෙන පරිදි බස් රථ නැවතුම් ස්ථානවල වෙනත් වාහන නවතා තැබිම තහනම් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
