දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පොලොන්නරුව මහියංගනය මාර්ගයේ මුවගම්මන ප්ර දේශයේදී මගී බස් රථයක් හා ත්රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රී රෝද රථයේ ගමන් කළ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්රී රෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිද හා පිරිමි දරුවන් දෙදෙනෙක් ගමන් කර තිබේ. අනතුරින් තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මව හා දරුවෙක් මියගොස් තිබේ.
අවුරුදු 33ක් වන මව හා අවුරුදු 02ක් වන පිරිමි දරුවෙක් මියගොස් තිබේ. අද දහවල් සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ රියදුරු හා අවුරුදු 11ක පිරිමි දරුවා වැඩිදුර ප්රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට මාරු කර තිබේ.