වැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමන ආකාරය පිළිබඳව තිරණය කිරීම සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ආයතන වෙත හෙට (27) දා තෙක් කල් ලබා දෙන බවත් හෙට දිනයේදී බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු නොකළ හොත් අනිද්දා දිනයේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ එසේ නොමැතිව ජුලි 01 දා බස් ගාස්තු සංශෝධනය කරන දිනය දක්වා ගමන් කරන්නේ නම් තම බස් රථවලට පැරණි මිලට ඉන්ධන ලබාදිය යුතු බවයි.
ඉන්ධන මිල වැඩිකිරීම හරහා පමණක් බස් රථවල පිරිවැය සියයට 6කින් පමණ ඉහළ ගොස් ඇති බවත් බස් ගාස්තු වැඩි කිරීමේදී අනෙකුත් සාධකද දලකා බැලිය යුතු බවත් ඔහු පැවැසීය.
පාඩු ලබන ආයතන සක්‍රීය කිරිම වෙනුවෙන් ජනතාව මතට ඉන්ධන මිල වැඩි කිරීමට ගත් ක්‍රියාමාර්ගයට විරෝධය දක්වන බවත් එය හෙළා දකින බවත් ගැමුණු විජේරත්න මහතා පැවැසීය.