ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත තවත් රැදවියන් 28 ක් අද (20)හදුනා ගෙන ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මෙම බන්ධනාගාරයේ රැදවියන් 38 ක් සදහා කරන ලද පී සි ආර් පරික්ෂණවලදි ඔවුන්ගෙන් 28 කට කොරෝනාවෛරසය ආසාදනයවි ඇති බව අද තහවුරුවි තිබේ.
මෙම ආසාදිතයින් සමග දකුණු පළාතේ බන්ධනාගාර හතේ සමස්ත කොරෝනා ආසාදිත රැදවියන්ගේ සංඛ්‍යාව 1640 දක්වා ඉහළ ගොස් ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පැවසිය.
ගාල්ල රවිදු දියගහගේ