මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිධුරය භාර ගැනීම වෙනුවෙන් ලබන සතියේදී පාර්ලිමේන්තු මන්ත්රීධුයෙන් ඉවත්වීමට නියමිත හෙයිනි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේනතුවට පිවිසියේය. ජයන්ත කැටගොඩ මහතාද පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ජාතික ලැයිස්තුව හරහාය.