පාරිභෝගික ජනතාවට සහන මිලට ආහාර ද්‍රව්‍ය ලබා දීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ඇත. මුදල් අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන මෙම නව ක්‍රමවේදයේ පළමු පියවර ලෙස කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික් ජනතාවට එළවළු සහන මිලට ලබා ගත හැකි වන පරිදි අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කර තිබේ.
එම දිස්ත්‍රික්කයන් තුළ පිහිටි ලංකා සතොස ආයතනයේ තෝරාගත් පරිශ්‍ර 75ක මෙම එළවළු අලෙවි සැල් පිහිටුවා ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 26ක දී, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාන 41ක දී සහ කළුතර දිස්ත්‍රික්කය තුළ ස්ථාන 8ක දී මෙම පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු අලෙවි කෙරේ.
කැරට්, ලීක්ස්, බීටිරූට්, තක්කාලි, වට්ටක්කා, වම්බටු, අමුමිරිස්, සහ ගෝවා වැනි වෙළඳපොළේ මිල අධික එළවළු අඩු මිලට මෙම ස්ථානවලදී ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.
බස්නාහිර පළාතෙන් ආරම්භ වූ මෙම වැඩසටහන ඉදිරියේදි තව දුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතයි. මේ අතර පාරිභෝගික ජනතාවට අර්තාපල් අඩු මිලට ලබා දීමට රජය පහසුකම් සලසා ඇති අතර, දේශීය ගොවියාගේ අර්තාපල් නිෂ්පාදනය සඳහා සාධාරණ මිලක් ලබා දීමටද රජය නිරතුරුවම අවධානය යොමු කරමින් සිටී.