බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ පොලිස් අධිකාරී ඒ. ආර්. ප්‍රනාන්දු මහතා එම තනතුරෙන් මාරු කර තිබේ.
ඔහු තානාපති හා අධිකරණ ආරක්ෂක කොට්ඨාසහි අධ්යක්ෂ ලෙස පත්කර ඇත.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ අනුව මෙම මාරුකිරීම් සිදුකර ඇති අතර සහකාර පොලිස් අධිකාරී ඒ.ඊ. ප්‍රනාන්දු මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ ලෙස පත්කර ඇත. ඔහු ඊට පෙර ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කළේය.
මෙම මාරුකිරීම් යටතේ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙක් හා සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් මාරුකර තිබේ.
ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය යටතේ සේවයේ අවශ්‍යතාව අනුව වහානම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත.