ජූනි 8 වන දා සිට බස්නාහිර පළාතේ පෞද්ගලික ප්‍රවාහන අංශයේ බස් රථ සියල්ලම ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න සංජීව මහතා මෙසේද පැවසීය,
"බස්නාහිර පළාතේ පෞද්ගලික අංශයේ බස්රථ 6212ක් ලියාපදිංචි වී තිබුණත්, දෛනිකව ධාවනය සඳහා යොමු කර තිබුණේ බස්රථ 4750ක් පමණයි.
නමුත් පසුගිය කොරෝනා වසංගතය නිසා දිනකට බස්රථ බස්නාහිර පළාත් තුළ ධාවනය වූයේ 2300 ක් පමණයි. නමුත් හෙට සිට නැවත වරක් යළිත් මේ සියලුම බස් රථ ධාවනයට එක් කිරීමට අදාළ බස් හිමියන්ට දන්වා තිබෙනවා.
සෞඛ්‍ය නිර්දේශ අනුව ආසන ගණන මගීන් ගෙනයාම ,විසබීජහරණය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කිරීම මෙම උපදෙස් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පරික්ෂා කිරීමට ආරක්ෂක අංශවල සහාය ලබා ගැනීමටත් නියමිතයි. ඒ වගේම අපේ ආරක්ෂක අංශයේ නිලධාරීන් ද බස්නාහිර පළාතේ සියලුම නැවතුම්පොළට යොදවා ගැනීමට කටයුතු කර තිබෙනවා. ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරන බස් රථ වලට පළමුව අවවාද කර දෙවනුව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරනවා .
කෙසේ වුවත් මගී ජනතාවද සෞඛ්‍ය ආරක්ෂිතව නිසි උපදෙස් පිළිපැදීම අනිවාර්ය කරුණක් වන අතර, එය බස්නාහිර පළාත තුළ සාර්ථක ප්‍රවාහන සේවයක් ලබා ගැනීමට ඉවහල් වනු ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. .