බස්නාහිර පළාතේ පාසල්වල මෙතෙක් අධ්‍යයන කටයුතු ආරම්භ නොකළ ශ්‍රේණි ලබන 29 වනදා සිට විවෘත කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට ලබන 28 වනදා දක්වා දින 3 ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලිය සදහා වෙන්කරන ලෙසයි එම චක්‍රලේඛයේ දක්වා ඇත්තේ.
පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි අධ්‍යයන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදවද මාර්ගෝපදේශ සටහනක් ඊට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව සිසුන් 15 ක් දක්වා සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතුයි. සිසුන් 16 සිට 30 දක්වා සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු වනවා. සිසුන් 30 ට වැඩි පන්ති කණ්ඩායම් 3 කට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සදහන්.
යම් ප්‍රදේශයක් හුදකලා කළහොත් අදාළ කාලසීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළයුතු බවයි අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
සමස්ත දිවයිනේම පළමු පාසල් වාරය අප්‍රේල් මස 9 වනදා අවසන් වන අතර දෙවන වාරය සදහා පාසල් නැවත ආරම්භ කිරීම අප්‍රේල් මස 19 වනදා සිදු කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.