ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව මේ මාසයේ සිට 6෴ක බස් ගාස්තු ඉහළ යාමක් තිබුණත් එම මුදල ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයින්ගේ සංගමය සඳහන් කරයි.
ආණ්ඩුව බදු සහන ලබාදීමත් සමග අමතර කොටස් මිල අඩුවී තිබෙන බවත් මේ නිසා මෙම තීරණය ගත් බවත් එම සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒකාබද්ධ කාලසටහන් ඇති කර බස් මිලදී ගැනීමේදී ලබාගන්නා ණය මුදල්වලට අදාළ පොලී මුදල්වලට සහන ලබාදීමට කටයුතු කළහොත් ලබන වසරේ ජූලි මාසයේදී බස් ගාස්තු අඩු කරන බවත්ය.
ජාතික ප්‍රතිපත්තියට අනුව පසුගිය ජූලි 01 වන දින 6෴ ක බස් ගාස්තු වැඩිවීමක් තිබූ බවත්, එහෙත් එම මුදල දෙසැම්බර් මාසයේ සිට ලබාදෙන බවට හිටපු ප්‍රවාහන බලධාරීන් පොරොන්දු වී තිබූ බවත් සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.
VIDEO