යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ අද (02) දින වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව වවුනියාව පුලියන්කුලම පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයේ නිදා සිටි ගවයෙකුගේ ගැටී අනතුරුව විසිවි ගොස් යාපනය සිට වව්නියාව දෙසට ගමන්ගත් බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවටයි.
අනතුරින් වත්තල ප්‍රදේශයේ ස්ථිර පදිංචි 21 හැවිරිදි කිරුබාකරන් දුෂ්‍යන්තන් නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි රංජන් කුමාර් නැමති 41 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇත.
බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර, අනතුර සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.