කොකේන් කිලෝ ග්රෑම් 2.615ක් සමග කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත් බොලීවියානු කාන්තාවකට මීගමරව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
මෙසේ සිර දඬුවම් නියම වී ඇත්තේ අවුරුදු 50ක් වන අග්රීඩා ඇල්වාරාඩෝ නැමැති කාන්තාවකටය. සැකකාරිය චෝදනා සදහා වරද පිළිගෙන තිබේ.
2016/09/13 ශ්රී ලංකා රේගුව මගින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව සැකකාරිය පොලිස් මත්ද්රව් කාර්යාංශයට ඉදිරිපත් කර තිබේ.