කටුනායක ටී.කේ.ජී.කපිල
බෙලෝ රුසියාවේ (බෙලරෑස් ) හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/28 දින රාත්‍රී එරට අග නුවර වන මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
බෙලෝ රුසියාවේ (බෙලරෑස් ) හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය මගින් මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස 5/28 දින රාත්‍රී 11.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් පැමිණ තිබූ ගුවන් මගීන් අතර වැඩි ප්‍රමාණයක් , එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් බව වාර්තා වේ .
ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විශබීජ හරණය කිරීමට ලක් කෙරුණි .
පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බැලීමක් ද සිදු කෙරුණි .
ඉන් අනතුරුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ,විශේෂ බස් රථ යොදා ගෙන නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි .
මේ අතර 5/29 දින උදෑසන 9.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන විශේෂ ගුවන් යානය මගින් ගුවන් මගීන් 120 ක් කටුනායක ගුවන් තොටුපළේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළ වෙත රැගෙන යෑමට නියමිතය.