බලය ලබා ගැනීමට වැඩිම බොරු කිවේවේ විපක්ෂයයි
රටේ බලය ලබා ගැනීමට මේ රටේ ඡන්ද දායකයන්ට වැඩිම බොරු කියා ඇත්තේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම බව ජනතා විමුක්ති පෙරමුනේ ප්රධාන ලේඛම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ටිල්වින් සිල්වා මහතා ඒ බැව් (26) දින කියා සිටියේ ජාතික ජන බලවේගයෙන් හැටන් දික්ඔය නගර සභාවට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා හැටන් ලා ඇඩම්ස් හෝටලයේ පැවති ජන හමුවේය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ප්රධාන ලේඛම්වරයා කියා සිටියේ ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමට බොරු නොකියන බවත්, ජනතාවට ලබා දුන් පොරොන්දු මේ වන විට ඉටු කරමින් සිටින බවයි.
පළාත් පාලන ආයතන නියෝජනය කල හොරුන්, දූශිතයන් වෙස් මූණූ බැදගෙන වෙනත් පක්ෂවලින් යලිත් කරලියට පැමිණ ඇති බවත්, එම පිරිස එළවා දැමීමට කටයුතු කරන ලෙසයි ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ.
මෙම රැස්වීමට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්රික් පා.ම. වන මංජුල සුරවීර ආරච්චි මහතා සහ පා.ම. ක්රිෂණන්කලෙයිචෙල්වි මහත්මියද පැමිණ සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

