බලපිටිය වැල්ලබඩ ප්රදේශයේදී ඊයේ (29දා) රාත්රියේදී පොලිසිය හා පිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුලත් කොට ඇත.
මේ පිරිසගේ ප්රහාරයෙන් බේරීම සදහා පොලිස් නිලධාරින් අහසට වෙඩි තැබූ බව ප්රදේශවාසීහු පවසති.
ජංගම මුර සංචාරයේ යෙදුනු අහුන්ගල්ල පොලිසියේ නිලධාරින් තිදෙනෙකු මේ මැර ප්රහාරයට ලක්වී ඇති අතර එම ප්රහාරය එල්ල කල පිරිසෙන් තිදෙනෙක් සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන තිබේ.
රාත්රී සාදයකට සහභාගිවූ පිරිසක් පොලු මගුරු ගෙන මාර්ගයේ රැදී සිටිමින් ගාලු පාරේ වැල්ලබඩ ප්රදේශයේ කලහකාරී ලෙස හැසිරෙන බවට ලැබුණු තොරතුරකට අනුව අහුන්ගල්ල පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් තිදෙනෙක් එය සොයා බැලීමට ගිය අවස්ථාවේදී එහි සිටි පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.
ඔවුන්ගේ ප්රහාරයෙන් මිදීමට පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබා ඇති බවද පොලිසිය කියයි.
මේ මැර ප්රහාරයට සම්බන්ධවූ පිරිස් කරන්දෙණිය ප්රදේශයේ පදිංචිවූවන් බව පවසන පොලීසිය ඔවුන් සියලුදෙනාම සැකපිට ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්හ කළ බවද පොලීසිය පවසයි.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත