බලපිටිය වැල්ලබඩ වෙරළ තීරයේ කැලෑ රොදක් තුළ තිබියදී ඊයේ (22) රාතියේදී හඳුනා ගැනීමට නොහැකි අයුරින් දිරාගිය මළ සිරුරක් සොයා ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ දිරා ගිය මළ සිරුර ආසන්නයේ කාන්තාවක් අඳින ගවුමක කොටසක් සහ දිගු කෙස් ස්වල්පයක් හමුවීමෙන් මේ මළ සිරුර කාන්තාවකගේ විය හැකි යයි ද පොලීසිය කියයි.
මේ දිරා ගිය මළ සිරුර ආසන්නයේ මුදල් පසුම්භියක රුපියල් 1940ක් මුදලක් හමුවූ බවද පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් මහේස්තාත් පරීක්ෂණය බලපිටිය වැඩබලන මහේස්තාත් සමන්ත ආබෙව් මහතා දිරා ගිය මළ සිරුර හමුවූ ස්ථානයට ගොස් පැවැත්වීය.
අහුන්ගල්ල තුළ කාන්තාවක් අතුරුහන් වීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් නැති හෙයින් මේ මළ සිරුර මේ අවට විය නොහැකි බවට පොලීසිය කියයි.
මෙය ඝාතනයක් ද නොඑසේනම් වෙන හේතුවකින් මිය ගියේ දැයි යන්න පිළිබඳව විධ්මත් පරීක්ෂණයක් ආරම්භ කරන බවද පොලීසිය කියයි.අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
