ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු අද(05දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී තිබේ. සැකකරු 38 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු පසුගියදා (02දා) ශ්‍රී ලංකාවෙන්, සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන අතර, පසුව අද (05දා) අලුයම සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයනින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රයක් මගිනි.
එහිදී කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එය පරීක්ෂා කරද්දී , මෙම මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව හැදින ගෙන තිබේ.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ගමන් ගත් ගුවන් යානය තුළදී මෙම ගුවන් ගමන් බලපත්‍රය තමන්ට ලබා දුන් එකක් බවත්, තමන් එය උපයෝගී කරගනිමින් බෙල්ජියමට යෑමට සූදානම් වූ බවත් ප්‍රකාශ කර තිබේ.
ටී.කේ.ජි. කපිල