බලන්ගොඩ ගවරංහේන වැහින්තැන්න ප්රදේශයේ නාය යැමක් හේතුවෙන් නිවසක් සමිපුර්ණයෙන්ම පස් වලට යටවිමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ හතරදෙනාගේ සිරුරු අද (14) දා සවස සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
ඉකුත් 12 වැනිදා රාත්රියේ පැවැති අධික වර්ෂාවත් සමග එම ප්රදේශයේ නාය යැමක් සිදු වු අතර එහිදී මෙම නිවස සම්පූර්ණයෙන්ම පස් ගල් සහ ගස් වලින් යටවිම හේතුවෙන් මොවුන් අතුරුදන් වි සිටියහ.
මහත් පරිශ්රමයක් යොදා එම සිරුරු සොයාගෙන ගොඩ ගත් අතර සිරුරු හතරම එකම ස්ථානයක තිබි සොයා ගනු ලැබිය. පවුලේ ඥාතීන් විසින් සිරැරැ හදුනා ගැනිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ සදහා බලන්ගොඩ මුලික රෝහලට රැගෙන යැම සදහා බලන්ගොඩ පොලිසියේ ස්ථාධිපති ප්රධාන පොලිස් පරික්ෂක දමිත් ජයකොඩි මහතාගේ උපදෙස් මත කටයුතු කෙරිණි.
කුරැවිට යුද්ධ හමුදා කඳවුරේ නිළධාරින් ,බලන්ගොඩ පොලිස් ස්ථානවල නිළධාරින් , බලන්ගොඩ ප්රදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරින් , ප්රදේශවාසීන් එක්ව දින දෙකක් තිස්සේ සිදුකල පස් ඉවත් කිරිමෙි මෙහෙයුමකදි මෙම සිරැරැ දෙක නිවස තිබුණි ස්ථානයේ පස් සහ ගල් වලට යට වි තිබියදී මෙලෙස සොයා ගෙන ඇත.
එක පවුලේ පදිංචි චමින්ද සුමිත් කුමාර පියා වයස අවුරුදු (44) , එස්. සිරියලතා වයස අවුරුදු (40) තමෝදි සත්සරණි වයස අවුරුදු (16) සහ විමල්සා සත්සරණි (10) නැමැති සිවි දෙනා මෙලෙස අතුරුදන්ව සිටියහ.
රාස්සගල සමිපත්