බම්බලපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ අනතුර සිදු වන අවස්ථාවේ අදාළ ඩිෆෙන්ඩර් රථයේ පුද්ගලයින් හතර දෙනෙකු සිට ඇති බවයි. ඔවුන් සියලූ දෙනා කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාරණ සිසුන් බව අනාවරණ වී තිබේ.
අද (24) අලූයම 4.35ට පමණ සිදුවූ මෙම අනතුරෙන් බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලැබීය.