සසෙක්ස් හි ආදිපාදවරයා වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු එක්සත් ජනපදයේ සිලිකන්වැලි ආරම්භක ප්රමුඛ පෙළේ සමාගමක් වන BetterUp හි ප්‍රධාන බලපෑම් නිලධාරියා ලෙස සිය නව රැකියාවක් ආරම්භ කර තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි හැරීගේ ප්‍රකාශකයෙකු විසින්ද කුමරුගේ මෙම නව භූමිකාව සනාථ කර ඇති අතර, BetterUp සමාගමේ නායකත්ව කණ්ඩායම පෙළ ගැස්වීමේදී හැරී කුමරුද එහි ප්‍රසිද්ධ කර ඇති ආකාරය දැකිය හැකිය.
BetterUp සමාගම සිය සේවාදායකයන් වෙත ඉහළ මානසික සෞඛ්‍යයක් ලබාදීම සඳහා ලෝක මට්ටමේ පුහුණු කිරීම්, AI තාක්ෂණය සහ චර්යාත්මක විද්‍යා විශේෂඥයන් සම්බන්ධ කරන ආයතනයක් ලෙස ප්රකටය. ඔවුන්ගේ පුහුණුව තුළ පුද්ගල නම්‍යශීලී බව, අනුවර්තනය වීමේ හැකියාව සහ ඵලදායීතාවය වැඩි දියුණු කිරීම සිදුවන බව කියයි.
හැරී කුමරු මෙම නව රැකියාව ආරම්භයට සති කිහිපයකට පෙර ඔප්රා වින්ෆ්‍රී සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ භූමිකාවෙන් ඉවත්වීමට ගත් තීරණ විස්තර කළේ, රාජකීය ජීවිතය ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කර තිබූ පීඩනය පිළිබඳවද පැහැදිලි කරමිනි.