ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් හා පෙට්‍රල් නිෂ්පාදන දිගුගාලිනව ණය පදනම මත ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡා කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය ගැටලුවට පිළියමක් වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් අරාබි එමිර් තානාපති කාර්යාලයේ වැඩ බලන ප්‍රධානී සයිෆ් ඇලනොෆී මහතා ඊයේ (23දා) හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.